සූරා 16 · ජුස් 14
An-Nahl · 16:32
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි දැහැමියන් ව සිටිය දී මලක්වරුන් ඔවුන් ව මරණයට පත් කරන අයයි. නුඹලාට සලාම් (ශාන්තිය අත්වේවා!) නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
තෆ්සීර්
දේව ප්රතික්ෂේපයෙන් තම හදවත් පිරිසිදු කරගත් තත්ත්වයේ මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නන් වනාහි, ඔවුන් සමග මලක්වරු කතා කරමින්, "නුඹලාට ශාන්තිය අත්වේවා! සියලුම උවදුරුවලින් නුඹලා නිදහස් වී ඇත. නිවැරදි විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ සමග නුඹලා ස්වර්ග උයනට පිවිසෙනු" යැයි පවසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න