සූරා 16 · ජුස් 14
An-Nahl · 16:3
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අහස් හා මහපොළොව සත්යය ලෙස ඔහු මැව්වේය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
තෆ්සීර්
කිසිදු පූර්වාදර්ශයකින් තොරව සත්යයෙන් යුතු ව අල්ලාහ් අහස් මැව්වේය. එමෙන්ම පොළව ද මැව්වේය. ඔහු ඒ දෙක නිෂ්ඵල ලෙස මවා නැත. ඒ දෙක ඔහු මවා ඇත්තේ එමගින් අල්ලාහ්ගේ බලය සඳහා ඒ දෙක සාධකයක් කර ගැනීමට හා ඔහුට වෙනත් කිසිවෙකු ඔවුන් හවුල් කිරීමෙන් ඔහුව පිවිතුරු කිරීමටය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න