සූරා 16 · ජුස් 14
An-Nahl · 16:2
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ
නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවටත් එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු බවටත් (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.
තෆ්සීර්
අල්ලාහ්ගේ දූතයින් අතරින් ඔහු අභිමත කරන්නන් හට ඔහුගේ නියමය අනුව දේව පණිවිඩ සමග ඔහු මලක්වරුන් පහළ කරනු ඇත. අහෝ දූතවරුනි! එසේ නැතිනම් අල්ලාහ්ට ආදේශ තැබීම ගැන ජනයාට බිය ගන්වනු. එහෙයින් නැමදුම් ලබන්නට සුදුසු මා හැර වෙනත් කෙනෙකු නැත. අහෝ ජනයිනි! නුඹලා මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් මට බැතිමත් ව කටයුතු කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න