සූරා 16 · ජුස් 14

An-Nahl · 16:1

أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එය ඉක්මනින් නොපතනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරුය. තවද උත්තරීතරය.

තෆ්සීර්

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න