සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:7

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) නුඹ අවවාද කරන්නෙකු පමණි. සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.

තෆ්සීර්

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න