සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:6
وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ
තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
තෆ්සීර්
දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න