සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:5
۞ وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තවද (නබිවරය යමක් පිළිබඳ ව) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් එවිට පුදුම සහගත වනුයේ අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු දැයි ඔවුහු විමසන ප්රකාශයයි. තම පරමාධිපති ව ප්රතික්ෂේප කළවුන් මොවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද මොවුහුමය. තවද නිරාවාසීහු ද මොවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
තෆ්සීර්
අහෝ දූතය, යමක් පිළිබඳ ඔබ මවිත වන්නෙහි නම්, ඔබ එසේ මවිත වීමට වඩාත් සුදුසු වන්නේ යළි අවදි කිරීම පිළිබඳ ඔවුන් කරන බොරුවයි. එය හෙළා දැකීමට සාධක වශයෙන් "අප මිය ගොස් පස් බවට පත් වී අපගේ අස්ථිද දිරාපත් වූ විට අපි නැවත අවදි කරනු ලබන්නෙමු ද? නැවතත් ජීවය ලබන්නෙමු ද?"යැයි විමසති. මිය ගිය පසු යළි අවදි කිරීම හෙළා දකින්නන් වන ඔවුහුමය ඔවුන්ගේ පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නේ. එහෙයින් මිය ගිය පසු යළි අවදි කිරීමේ ඔහුගේ ශක්තිය ඔවුහු ප්රතික්ෂේප කරති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ගෙලවල්වල නිරා ගින්නෙන් යුත් දම්වැල් දමනු ලබන්නෝ ඔවුහුමය. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. දඬුවම ඔවුන්ගෙන් ඉවත් කරන්නේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න