සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:4
وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද අතු සහිත හා අතු රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. අනුභව කිරීමේදී ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම මෙහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.
තෆ්සීර්
මහපොළොවේ එකිනෙකට සමීප ව පවතින බිම් කොටස් ද ඒවායෙහි මිදි වතු ද වගාවන් ද ඇත. එක් මුලක එකට හැදෙන ඉඳි ගස් ද වෙන් වෙන් මුල් වල හැදෙන ඉදි ගස් ද ඇත. එකම ජලයෙන් එම වතුවලට හා එම ගොවිබිම්වලට ජලය සපයනු ලැබේ. එකම ජලයෙන් ඒවාට ජලය සැපයීම හා ගලා යෑම තිබිය දී සුවයෙහි හා වෙනත් විවිධ ප්රයෝජනවලදී එකකට වඩා තවෙකක් අපි උසස් කළෙමු. වටහා ගන්නා ජනයා සඳහන් කරනු ලැබූ දෑ පිළිබඳ අධීක්ෂණයෙන් පසුවන බැවින් ඔවුනට ඒවායෙහි සාක්ෂි හා සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න