සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:3

وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

මහපොළොව දිගු කොට එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩු ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට මෙහි සාධක ඇත.

තෆ්සීර්

මහපොළොව විහිඳුවා ජනයා එහි චලනය නොවනු වස් ඒවායෙහි කඳු ස්ථීර ලෙස ඔහු මැව්වේය. එමෙන්ම ජනයා ජලය සපයා ගනු පිණිසත් ඔවුන්ගේ සතුන් හා ඔවුන්ගේ ගොයමට ජලය සපයනු පිණිසත් එහි ජල දහරා ගලා යන ගංගාවන් ද ඔහු ඇති කළේය. සත්වයා අතර පවතින ස්ත්රී හා පුරුෂ භේදය මෙන්ම සෑම බවභෝගයකම යුගලයන් නිර්මාණය කර ඇත. රාත්රිය දහවල වෙළා ගනී. එය ආලෝකමත් ව පිහිටි පසු ව අන්ධකාරයක් බවට පත් වෙයි. සඳහන් කරන ලද ඒවායෙහි අල්ලාහ්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ කල්පනා කර බලන්නන් හට සාක්ෂි හා සාධක ඇත. ඔවුන් මෙම සාක්ෂි හා සාධක තුළින් ප්රයෝජන ලබති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න