සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:2

اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ

කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රජාසානය මත ස්ථාපිත වූයේය. ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.

තෆ්සීර්

කිසිදු බැඳීමකින් තොර ව නුඹලා දකින අහස් උසින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඉහළට නැග අර්ෂ් හි රාජසයන මත කිසිදු පූර්ව උපමාවකින් හෝ පූර්ව ක්රමවේදයකින් තොර ව ඔහුට ගැලපෙන අයුරින් උසින් පිහිටියේය. ඔහුගේ මැවීම්වල අවශ්යතාව සඳහා හිරු හා සඳු ඔහු ඔවුනට වසඟ කර දුන්නේය. අල්ලාහ්ගේ දැනුමෙන් හිරු හා සඳු යන සෑම වස්තුවක්ම නියමිත කාලයක් දක්ව ගමන් කරයි. අල්ලාහ් අභිමත කරන පරිදි අහස්හි හා මහපොළොවේ කටයුතු වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා දැඩි සේ විශ්වාස කොට ඒ සඳහා දැහැමි ක්රියාවන් සිදු කරමින් නුඹලා සූදානම් වීමේ අපේක්ෂාවෙන් අල්ලාහ් ඔහුගේ ශක්තිය පෙන්වා දෙන සාධක හා සාක්ෂි මෙසේ පැහැදිලි කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න