සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:1

المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

අලිෆ්, ලාම්, රා. මෙය දේව ග්‍රන්ථයේ වදන් වේ. නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති.

තෆ්සීර්

(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න