සූරා 12 · ජුස් 13
Yusuf · 12:111
لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِنْ تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ
සැබැවින්ම ඔවුන්ගේ කතා වස්තු වල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නොවීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.
තෆ්සීර්
දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න