සූරා 12 · ජුස් 13
Yusuf · 12:110
حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
රසූල්වරුන් බලාපොරොත්තු සුන් වූ විට නියත වශයෙන්ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. අප අභිමත කරන අය ව මුදවා ගනු ලැබීය. අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නොලැබේ.
තෆ්සීර්
අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න