සූරා 12 · ජුස් 13

Yusuf · 12:109

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ مِنْ أَهْلِ الْقُرَىٰ ۗ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۗ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ اتَّقَوْا ۗ أَفَلَا تَعْقِلُونَ

ගම්වාසීන් අතුරින් තමන් වෙත අපි දේව පණිවිඩ දන්වා සිටි පුරුෂයින් ලෙස මිස නුඹට පෙර අපි (රසූල්වරුන්) නොඑව්වෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධීක්ෂණය කර නොබලන්නෝද? බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද?

තෆ්සීර්

අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න