සූරා 12 · ජුස් 13

Yusuf · 12:108

قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටිමු. තවද අල්ලාහ් සුපිවිතුරුය. මම ආදේශ කරන්නන් අතුරින් කෙනෙකු නොවෙමි යැයි නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න