සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:8
اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنْثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ
සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්රමාණයක් අනුව පිහිටයි.
තෆ්සීර්
සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න