සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:43
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ
නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේව ප්රතික්ෂේපකයෝ පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්රමාණවත් යැයි නුඹ පවසනු.
තෆ්සීර්
ප්රතික්ෂේප කළවුන් "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් විසින් එවනු ලැබූ දූතයෙකු නොවන්නෙහිය." යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට "සැබැවින්ම මා මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත එවන ලද දූතයකු බවට මා අතර හා නුඹලා අතර අල්ලාහ් ම ප්රමාණවත්ය. මා ගැන විස්තර කරමින් දිව්යමය පුස්තකයන්හි සඳහන් දැනුම්වත් කිරීම ඔහු අබියසින් විය. කිසිවෙකුගේ සත්යතාව ගැන අල්ලාහ්ම සාක්ෂි වශයෙන් සිටින්නේ නම් බොරු කරන්නන්ගේ බොරුව ඔහුට කිසිදු හානියක් ගෙන දෙන්නේ නැත." පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න