සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:42
وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ
ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්රණ කළෝය. සියලු උපක්රමයන් අල්ලාහ් සතුය. සෑම ආත්මයක්ම උපයන දෑ ඔහු දනී. අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේව ප්රතික්ෂේපකයෝ මතු දැන ගනිති.
තෆ්සීර්
පෙර සිටි සමූහයා, ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ට (එරෙහිව) කුමන්ත්රණ කළෝය. ඔවුනට වංචා කළෝය. ඔවුන් ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුනට ඔවුන් කුමන්ත්රණ කිරීමෙන් ඔවුනට සිදු වූයේ කුමක් ද? කිසිවක් නැත. හේතුව, සියල්ල සැලසුම් කරන්නා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බැවිණි. සැබැවින්ම ඔහු සියලු මැවීම්වල ක්රියාකාරකම් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එවිට අල්ලාහ් පිළිබඳ විශ්වාසය නොමැති ව වැරදිකරන්නන් කොපමණ පිරිසක් දැයි ද ස්වර්ගය හා යහපත් අවසානයක් දිනා ගනිමින් ඒ අනුව ස්වර්ගයට හා යහපත් අවසානයකට අනුගත වූ භාග්යලත් මුඃමින්වරුන් කොපමණ පිරිසක් දැයි ද බොරුකාර මෙම ජනයා මතු දැනගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න