සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:41

أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ

නියත වශයෙන්ම අපි මහපොළොවට පැමිණ එහි පැතිකඩ වලින් අපි එය පටු කරන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපයේ පිහිටි ප්රදේශ ඒවායෙහි පැතිකඩවල ඉස්ලාමය පතුරුවාලමින් හා මුස්ලිම්වරුන්හට ජය තහවුරු කරවමින් සැබැවින්ම අපි ක්රමයෙන් දේව ප්රතික්ෂේපය හීන කරමින් එන බව මෙම ප්රතික්ෂේපකයෝ නොදුටුවෝ ද? අල්ලාහ් තමන් අභිමත කරන දෑ තම ගැත්තන් අතර නීති පනවයි. තීන්දු කරයි. ඔහුගේ නීතියෙහි කිසිදු අඩුවක් වෙනස් කිරීමක් හෝ එකක් වෙනුවෙන් තවෙකක් පරිවර්තනය කිරීමක් හෝ සිදු කරන්නට කිසිවකුට නොහැක. ශුද්ධවන්ත ඔහු විනිශ්චය කිරීමේදී ඉතා වේගවත්ය. එකම දිනක පෙර පැමිණියවුන් හා පසු පැමිණියවුන් සියල්ලන්ගෙන් විනිශ්චය කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න