සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:40
وَإِنْ مَا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ
අප ඔවුනට ප්රතිඥා කරන දෑ නුඹට අපි පෙන්වූවද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) දන්වා සිටීම පමණි. විනිශ්චය කිරීම අපගේ වගකීමය.
තෆ්සීර්
අහෝ නබිවරය, නුඹේ මරණයට පෙර ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ඇතැම් දඬුවම් අපි නුඹට පෙන්වා දෙන්නෙමු. එය ඇත්තේ අප වෙතය. එසේ නැතහොත් නුඹට එය පෙන්වීමට පෙර අපි නුඹ ව මරණයට පත් කරන්නෙමු. අපි නුඹට කවර දෙයක් දන්වන මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස වෙනත් කරුණක් ඔබට නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම හෝ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හෝ නුඹ සතු කාර්යයක් නොවන්නේය. එය අප මත ඇත්තකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න