සූරා 14 · ජුස් 13
Ibrahim · 14:1
الر ۚ كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ
අලිෆ්, ලාම්, රා (මෙය) දේව ග්රන්ථයයි. ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකයට ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් ප්රශංසාලාභී සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් බැහැර කරනු පිණිස අපි නුඹ වෙත මෙය පහළ කළෙමු.
තෆ්සීර්
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න