සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:38
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ
සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම දේව ග්රන්ථයක් විය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹට පෙර ද මිනිසුන් අතරින් දහම් දූතවරු අපි එව්වෙමු. නුඹව දහම් දූතයකු වශයෙන් එවීම අලුත් දෙයක් නොවේ. සෙසු මිනිසුන් මෙන්ම ඔවුනටද බිරියන් හා දරුවන් ඇති කළෙමු. විවාහ නොකරන දරුවන් ප්රජනනය නොකරන මලක්වරුන් බවට අපි ඔවුන් පත් නොකළෙමු. විවාහ වී දරුවන් ප්රජනනය කරන එම මිනිස් දූතයින් අතර නුඹ ද කෙනෙකි. නුඹත් එසේ සිටීම ගැන දෙවියන්ට ආදේශ කරන්නන් පුදුමයට පත් වන්නේ ඇයි? ප්රාතිහාර්යයක් ගෙන ඒමට අල්ලාහ් අවසර දීමෙන් තොරව තමන් සතු කිසිදු ප්රාතිහාර්යයක් ගෙන එන්නට කිසිදු දූතයකුට සුදුසු නොවීය. අල්ලාහ් නියම කළ සෑම දෙයකටම ඒවා සඳහන් කළ ලේඛනයක් ඇත. එමෙන්ම කාලයක් ද ඇත. එයට කලින් හෝ ප්රමාදයකින් හෝ එය සිදු වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න