සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:37

وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ

එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොමැත.

තෆ්සීර්

පෙර පැවති දිව්යමය ග්රන්ථ ඔවුනොවුන්ගේ සමාජීය භාෂාවෙන් අප පහළ කළාක් මෙන්ම අහෝ දූතය! සත්යය පහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි ප්රකාශයක් ලෙස අල් කුර්ආනය අරාබි බසින් නුඹ වෙත අපි පහළ කළෙමු. අහෝ දූතය! අල්ලාහ් නුඹට පමණක් ඉගැන් වූ දැනුම නුඹ වෙත ලැබීමෙන් පසුව ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවූ යමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් නුඹ ආගම් ලත් ජනයා සමග සම්මුතියකට පැමිණ නුඹ එය අනුගමනය කළෙහි නම්, නුඹේ කටයුතු භාරගෙන නුඹේ සතුරන්ට එරෙහි ව නුඹට උදව් කරන කිසිදු භාරකරුවකු හෝ නුඹ අල්ලාහ්ගෙන් නොලබනු ඇත. එමෙන්ම ඔහුගේ දඬුවමින් නුඹ ව වළක්වන කිසිවකු නුඹ නොලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න