සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:36
وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ
තවද ඔවුන් වනාහි ඔවුනට අපි දේව ග්රන්ථය පිරිනැමුවෙමු. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටු වෙති. එම කණ්ඩායම් අතුරින් එයින් ඇතැමෙක් ප්රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම අයැදිමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! අප තව්රාතය පිරිනැමූ යුදෙව් ජනයා අතරින් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනු ජනයා අතරින් පිරිසක් ඔවුනට පහළ වූ දෑට අනුකූල යම් මග පෙන්වීමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් ඒ ගැන ඔවුහු සතුටු වෙති. යුදෙව් හා කිතුනු ජනයා අතරින් ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවන හෝ ඔවුන් වෙනස් කරමින් හා විකෘති කරමින් ඔවුන් විස්තර කළ දෑට අනුකූල නොවන යමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් එය හෙළා දකිති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු: සැබැවින්ම අල්ලාහ් මට නියෝග කර ඇත්තේ මා ඔහුට පමණක් නැමද කිසිවක් ඔහුට ආදේශ නොකිරීමත් ඔහු පමණක් අයැද වෙනත් අය මා අයැද නොසිටීමත්ය. මාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. තව්රාතය හා ඉන්ජීලය පැමිණියේ ද ඒ අනුවය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න