සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:35

۞ مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا ۖ وَعُقْبَى الْكَافِرِينَ النَّارُ

දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ (ස්වර්ග) උයනෙහි උපමාවක් නම් ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්‍රතික්ෂේපකයින්ගේ අවසානය (නිරා) ගින්නයි.

තෆ්සීර්

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් සඳහා අල්ලාහ් ප්රතිඥා දී ඇති ස්වර්ග උයනේ ස්වරූපය වනුයේ සැබැවින්ම එහි මාලිගා හා ගස්වලට යටින් ගංගාවෝ ගලා බසිති. එහි පලතුරු මෙලොව පළතුරු මෙන් නොව අවාරයකින් තොර ව අඛණ්ඩව පිරී පවතී, එහි හෙවණ ද නොමැකෙන සදා පවතින්නකි. මෙය අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිට ඔහුට බැතිමත්ව කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්රතික්ෂේපකයින්ගේ අවසානය වනුයේ අපා ගින්නයි. ඔවුහු එහි පිවිස සදාකල් වෙසෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න