සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:34

لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ

මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.

තෆ්සීර්

ඔවුන් දේව විශ්වාසීන්ගේ අතින් මැරුම් කෑමෙන් හා සිරකරුවන් බවට පත්වීමෙන් මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. ඔවුන් ගැන අපේක්ෂාවෙන් සිටින මතුලොව දඬුවම ඔවුනට ඉතා කුරීරුය. එහි ඇති දැඩිභාවය නිමක් නැති සදාතනිකත්වය නිසාවෙන් එය මෙලොව දඬුවමට වඩා බරපතලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් පිළිස්සීම වළක්වන කිසිවෙකු ඔවුනට නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න