සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:33
أَفَمَنْ هُوَ قَائِمٌ عَلَىٰ كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَمْ بِظَاهِرٍ مِنَ الْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
සෑම ආත්මයක් කෙරෙහිම ඔවුන් ඉපැයූ දෑ පිළිබඳ ව ඔහු නිරීක්ෂා කරන්නෙකු ව සිටිය දී ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ද? (නබිවරය,) ඔවුහු ඔවුන් නම් කළෝ ද නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ ඔහුට ඔවුන් දන්වන්නේ ද නැතහොත් එය මතුපිටින් පවතින ප්රකාශයක් ද? නමුත් ප්රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් වළක්වන ලදී. තවද අල්ලාහ් කවරෙකු නොමග යවන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොමැත.
තෆ්සීර්
නැමදුම් ලබන්නට වඩාත් උචිත වනුයේ සියලු මැවීම්හි පෝෂණය සුරක්ෂිත ව ලබා දෙන සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් ක්රියාවන් පිළිබඳ අදීක්ෂණය කොට එම ක්රියාවන්ට අනුව ප්රතිඵල ලබා දෙන අල්ලාහ් ද? එසේ නැතහොත් නැමදුම් ලබන්නට කිසිදු උරුමයක් නැති මෙම පිළිම ද? දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අපරාධකාරී හා ව්යාජ ලෙසින් ඒවා අල්ලාහ්ට ආදේශ කරති. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ වාදයේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ් සමග නමදිමින් සිටි එම හවුල් කරුවන් අපට නම් කරන්න. එසේ නැතහොත් මහපොළොවේ අල්ලාහ් නොදන්නා හවුල් කරුවන් නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු ද? එසේ නැතහොත් කිසිදු යථාර්ථයක් නොමැති ප්රකාශයක් හෙළි කරමින් නුඹලා ඔහුට දන්වන්නෙහු ද? දේව ප්රතික්ෂේපකයින්ගේ නපුරු කුමන්ත්රණය ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් ඔවුහු අල්ලාහ් ප්රතික්ෂේප කළෝය. ඍජු හා යහමගින් ඔහු ඔවුන් හරවා දැමීය. අල්ලාහ් කවරෙකු ඍජු මාර්ගයෙන් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට යහමග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ඔහුට නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න