සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:32

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

සැබැවින්ම නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ගනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?

තෆ්සීර්

තම සමූහයා බොරු කළ හා තමන් හාස්යයට ලක් කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. අහෝ දූතය! නුඹට පෙර විසූ ජන සමූහයන් ඔවුන්ගේ දූතවරුන් හාස්යයට ලක් කොට ඔවුන් ව බොරු කළෝය. ඔවුන්ගේ දූතයින්ව ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම මා ඔවුන් විනාශ නොකරනු ඇතැයි ඔවුන් සිතන තරමට මම ඔවුන් අතහැර දැමුවෙමි. එසේ අවකාශය දීමෙන් පසු විවිධ දඬුවම්වලින් මම ඔවුන් ග්රහණය කළෙමි. ඔවුනට හිමි වූ මාගේ දඬුවම ගැන නුඹ අදහස් කරනුයේ කෙසේ ද? සැබැවින්ම එය දැඩි දඬුවමක් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න