සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:31
وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَلْ لِلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
(ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියළු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්රතිඥාව පැමිණෙන තෙක් ප්රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ නගරයට සමීපයෙන් එය(අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්රතිඥා ව කඩ නොකරයි.
තෆ්සීර්
කඳු තිබූ තැනින් ඉවත් වීම, භූමිය පැළී උල්පත් හා ගංගාවන් ගලා යෑම, මිය ගිය ඇත්තන් මත කියවා ඔවුන් යළි ජීවීන් බවට පත් වීම වැනි කරුණු සඳහන් වී තිබීම දිව්ය ග්රන්ථවල ස්වරූපය වුව ද අහෝ දූතය! ඔබ වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය එවන් සාධක පැහැදිලි කරන්නකි. ඉමහත්සේ බලපෑම් ඇති කරන්නකි. ඔවුන් අවංක හදවත් ඇත්තන් වූයේ නම් මැනවි. නමුත් ඔවුහු එය හෙළා දුටුවෝය. ප්රාතිහාර්යයන් හා වෙනත් දෑ පහළ කිරීමෙහි සියලු අයිතිය අල්ලාහ් සතු වන්නකි. මිනිසුනට සංඥාවක් පහළ කිරීමෙන් තොර ව ඔවුන් සියල්ලන් හට මග පෙන්වීම සඳහා අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට ඒවා පහළ කිරීමෙන් තොරවම මග පෙන්වනු ඇතැයි දේව විශ්වාසීන් දැන නොසිටියෝ ද?. නමුත් අල්ලාහ් එයට අභිමත කළේ නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් ඔහුව ප්රතික්ෂේප කරමින් හා පිටුපාමින් කටයුතු කළ බැවින් දැඩි සේ කම්පනයට පත් කරන විනාශය ඔවුනට අත්වෙමින්ම තිබුණි. එසේ නැතහොත් හිමි වීමට නියමිත දඬුවම පහළ කිරීමේ අල්ලාහ්ගේ පොරොන්දු ව ඉටු වන තෙක්ම ඔවුන්ගේ නිවෙස් අසළටම එය පහළ වෙමින්ම තිබුණි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් ප්රතිඥා දී ඇත්තේ ද ඒ සඳහා වූ නියමිත වේලාව පැමිණි විට එය උදා කිරීම මඟ හරින්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න