සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:30
كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَا أُمَمٌ لِتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ
(නබිවරය) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතුයකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.
තෆ්සීර්
තම සමූහයා වෙත දැනුම් දෙන මෙන් පෙර සිටි දහම් දූතයින් වෙත කවර පණිවිඩයක් අපි එව්වෙමු ද අහෝ දූතය! එම පණිවිඩයම ඔබේ සමූහයා වෙත දැනුම් දෙන මෙන් අපි ඔබට එය එවා ඇත්තෙමු. එය අපි ඔබට දැනුම් දුන් අල් කුර්ආනය ඔවුනට පාරායනය කර පෙන්වීම සඳහාය. ඔබේ සත්යභාවය තහවුරු කිරීමට එය ප්රමාණවත්ය. නමුත් එම පාඨ හෙළා දැකීම ඔබේ සමූහයාගේ ස්ථාවරය වී ඇත. එය ඔවුන් කාරුණිකයාණන් සමග වෙනත් අය ආදේශ කරමින් ඔහු ව ප්රතික්ෂේප කරන බැවිණි. "අහෝ දූතය! නුඹලා ආදේශ කරන මහා කාරුණිකයාණන් මාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත විශ්වාසය තබමි. මාගේ පසුතැවිලිවීම ද ඔහු කෙරෙහිම වන්නේය." යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න