සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:27

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ

ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් විමසති. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය ව නොමගට යොමු කරයි. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වයි යැයි පවසනු.

තෆ්සීර්

අල්ලාහ් හා ඔහුගේ සංඥාවන් ප්රතික්ෂේප කළවුන්, "මුහම්මද් වෙත ඔහුගේ සත්යතාව පෙන්වා දෙන ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංවේදනීය ප්රාතිහාර්යයක් ඔහු වෙත පහළ විය යුතු නොවේද? එවිට අපි එය විශ්වාස කරමු" යැයි පවසති. "අහෝ දූතය! එසේ යෝජනා කරන්නන් හට ඔබ මෙසේ පවසනු. ‘සැබැවින්ම අල්ලාහ් ඔහුගේ යුක්ති ධර්මය අනුව ඔහු අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරියි. ඔහු වෙත පාපක්ෂමාවේ නිරත ව යොමු වන්නන් හට ඔහුගේ භාග්යයෙන් ඔහු මග පෙන්වයි. ප්රාතිහාර්යයන් පහළ වීම තුළින් ඔවුන් එහි බැඳෙන තරමට ඔවුන්ගේ අතෙහි එම මග පෙන්වීම නැත."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න