සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:26

اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ

අල්ලාහ් ඔහු කැමති අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳ ව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස නැත.

තෆ්සීර්

අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කරයි. ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. පෝෂණ සම්පත්හි සමෘද්ධිමත් වීම අල්ලාහ්ගේ ආදරයට ලක්වීමේ හෝ සෞභාග්යයේ සලකුනක් නොවන්නේය. ඒවා සීමාවීම අභාග්යවන්ත භාවයේ සලකුණක් ද නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින් මෙලොව ජීවිතය පිළිබඳ සතුටු වෙති. එහෙයින් ඔවුන් එය පාදක කර ගනිමින් එහි තැන්පත්වන්නට බලති. මතුලොව පැත්තෙන් මෙලොව ජීවිතය බලන කල එය ක්ෂය වී යන ස්වල්ප සැපතක් මිස නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න