සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:25

وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

තවද ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම ඔහු සමග ගිවිස ගත් පසු ව කඩ කරති. තවද කවර දෙයක් සම්බන්ධයෙන් සම්බන්ධකම් පවත්වා ගනු ලැබීමට අල්ලාහ් නියෝග කළේ ද එය ඔවුහු කපා හරිති. තවද ඔවුහු මහපොළොවේ කලහකම් කරති. ශාපය ඔවුනටමය තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.

තෆ්සීර්

අල්ලාහ්ගේ ගිවිසුම් ස්ථීර කරගත් පසුව එය කඩ කරන, ඔහු සම්බන්ධකම් පවත්වන්නැයි නියෝග කළ ඥාතී සම්බන්ධකම් බිඳ දමන උත්තරීතර අල්ලාහ්ට පිටුපාමින් මහපොළොවේ කලහකම් කරන මොවුහු දුරස් කරනු ලැබූ දුර්භාග්යවන්තයෝ වෙති. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුහු නෙරපා හරිනු ලබති. ඔවුනට නපුරු අවසානයක් ඇත. එය අපා ගින්නය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න