සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:24
سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ
නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)
තෆ්සීර්
මලක්වරුන් ඔවුන් වෙත පිවිසෙන සෑම කල්හිම "ඔබට සලාම්" යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔවුනට සුභ පතති. එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ නියමයන් පසු කිරීමෙහි නුඹලා ඉවසීමෙන් සිටි බැවින් ද, ඔහුට පාපකම් සිදු කිරීමෙන් ඈත්වීමෙහි නුඹලා ඉවසීමෙන් කටයුතු කළ බැවින් ද, නුඹලා සියලු උවදුරු හා දුෂ්කරතාවලින් නිදහස් වනු. නුඹලාගේ අවසානය වන්නට නියමිත එම අවසන් නිවහනය ඉතා යහපත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න