සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:23
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۖ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ
අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතුරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.
තෆ්සීර්
මෙම ප්රශංසනීය අවසානය වනාහි, ඔවුන් සදා ලෙස ස්ථාවර ව භුක්ති විඳින්නන් ලෙස වාසය කරන්නට යන ස්වර්ග උයන් වෙති. එහි ඔවුන්ගේ වින්දනයේ පූර්ණත්වය වනුයේ ඔවුන් සමගම ඔවුන්ගේ ධර්මිෂ්ට පියවරුන්, මව්වරුන්, බිරියන් හා දරුවන් ඔවුන් හමුවීම පූර්ණ ව ඔවුනට අමතක කර තිබුණ ද ඔවුන් සමග එකට පිවසීමේ වින්දනයයි. මලක්වරුන් ස්වර්ගයේ ඇති ඔවුන්ගේ නිලයන්හි සියලු දොරටුවලින් සුබ පැතුම් එක්කරමින් ඇතුළු වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න