සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:22

وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ

තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.

තෆ්සීර්

තවද ඔවුන් වනාහී අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු ඔවුනට නියම කළ සතුටු දායක මෙන්ම අසතුටු දායක දෑහි ද ඉවසීමෙන් කටයුතු කරන්නෝ වෙති. එමෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පාපයක් සිදු කිරීමෙන් ඈත් ව ඉවසති. සලාතය පූර්ණ අයුරින් ඉටු කරති. අපි ඔවුනට දුන් ධනයෙන් අනිවාර්යය වගකීම් ඉටු කරති. මිනිසුන්ගේ මුහුණිච්ඡාවෙන් දුරස් ව රහසිගතව කැමැත්තෙන් එයින් වියදම් කරති. වෙනත් අය දිරිගන්වන පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරති. ඔවුන් වෙත නපුරුකම් කරන්නාගේ නපුර වළක්වාලමින් ඔහු සමග දැහැමි අයුරින් කටයුතු කරති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශංසනීය අවසානයක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න