සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:21

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ

තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.

තෆ්සීර්

තවද ඔවුන් වනාහි කවර ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අල්ලාහ් නියෝග කර සිටියේ ද ඒ සියල්ල සමග සම්බන්ධකම් පවත්වන්නෝ වෙති. ඔහුගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම යන විෂයය තමන්ට මග හැරෙනු ඇතැයි යන බියෙන් ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. ඔවුන් උපයන පාපකම් සියල්ල පිළිබඳ විභාගයට ලක් කරනු ඇතැයි ඔවුහු බියවෙති. එහෙයින් කවරෙකුට විභාගයක් ඇත්තේ ද ඔහු විනාශයට පත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න