සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:28

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

විශ්වාස කළවුන් තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වෙති.

තෆ්සීර්

අල්ලාහ් මග පෙන් වූ ඔවුහු, ඔහු ව විශ්වාස කරන්නන් වෙති. අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහු ව සුවිශුද්ධ කිරීම, ඔහු ව ප්රශංසා කිරීම, ඔහුගේ පුස්තකය පාරායන කිරීම, එයට සවන් දීම හා මේ හැර ඔහුව මෙනෙහි කරන වෙනත් කරුණු යනාදිය තුළින් ඔවුන්ගේ සිත් සැනසුම් ලබයි. සිත් සැනසුම් ලැබීම අල්ලාහ් මෙනෙහි කිරීමෙන් පමණක් සිදු වන බවත් සිත් වලට සුදුසු වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීම බවත් දැන ගත යුතු වේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න