සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:18

لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ

තම පරමාධිපතිගෙන් පිළිතුරු පැතූවනට යහපත් දෑ තිබේ. ඔහුගෙන් පිළිතුරු නොපැතූවන් නියත වශයෙන්ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමගම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. එම නවාතැන නපුරු විය.

තෆ්සීර්

අල්ලාහ් ඒකීයත්වයට පත් කරන මෙන් ද, ඔහුට අවනත වන මෙන්ද ඔවුන්ගේ පරමාධිපති ඇරයුම් කරන විට එයට පිළිතුරු දුන් දේව විශ්වාසීන්හට අලංකාර තිළිණ ඇත. එය ස්වර්ගයයි. ඔහුගේ ඒකීයත්වය හා ඔහුට අවනතවීම සඳහා ඔහු කළ ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයින් වනාහි, සැබැවින්ම ඔවුනට විවිධාකාර ධනසම්පත් ද ඒ හා සමාන තවත් ගුණයක් ද ඔවුන් සතු තිබුණ ද ඔවුන් දඬුවමින් තමන් ආරක්ෂා කර ගනු පිණිස ඒ සියල්ල වන්දි වශයෙන් වියදම් කරනු ඇත. ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් මොවූහු ඔවුන්ගේ සියලු පාපකම් සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලබති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. නිරා ගින්න වූ ඔවුන්ගේ නිවහන හා වාසස්ථානය නපුරු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න