සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:19
۞ أَفَمَنْ يَعْلَمُ أَنَّمَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්යයක්ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන්ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන්ය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ පරමාධිපති වන අල්ලාහ්ගෙන් නුඹ වෙත පහළ වූ දෑ කිසිදු සැකයකින් තොර ව සත්යයක් බව දන්නා පුද්ගලයා අල්ලාහ්ට පිළිතුරු දුන් දේව විශ්වාසියෙකි. ඔහු හා අන්ධයෙකු ලෙස කටයුතු කරන අල්ලාහ්ට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයා සමාන වන්නේ ද? මෙයින් උපදෙස් ලබා පාඩම් ලබනුයේ මනා බුද්ධියක් ඇත්තවුන් පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න