සූරා 13 · ජුස් 13

Ar-Ra'd · 13:17

أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ

ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගැල්ම (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන් වී යයි. නමුත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ.

තෆ්සීර්

අසත්ය මකා දමා, සත්යය පිහිටුවීම සඳහා අල්ලාහ් උපමාවක් ලෙස මිටියාවත පුරා ගලා යන තරමට අහසින් පහළ වන වර්ෂා ජලය ගෙනහැර පෑවේය. කුඩා ප්රමාණයෙන් හෝ විශාල ප්රමාණයෙන් හෝ වුව ද ඒ ඒ ධාරිතාවන්ට අනුව වැව් අමුණු පිරී යයි. ජලයට ඉහළින් පෙණ පිඩු හා ඉපැණැලි එම ජල ගැල්ම උසුලා ගනියි. ඒ දෙකට තවත් උදාහරණයක් ලෙස ‘මිනිසුනට අලංකරණය වෙනුවෙන් ආභරණ නිර්මාණය කිරීම සඳහා ලෝහ දිය කිරීමේ අපේක්ෂාවෙන් මිනිසා දහනය කරන ඇතැම් වටිනා ලෝහ උපමා වශයෙන් ගෙන හැර පෑවේය. ඉන් පෙණ පිඩු ඉහළට පැමිණෙන්නාක් මෙන්ම මෙයින් ද පෙණ පිඬු ඉහළට එනු ඇත. මෙම උදාහරණ දෙක සසඳමින් සත්ය හා අසත්යයට උපමා කොට මෙසේ ගෙන හැර පා ඇත. අසත්ය වනාහි ජලයට ඉහළින් පවතින පෙණපිඩු හා ඉපැණැලි මෙන් ද මලකඩ නැති කරමින් ලෝහ උණු කිරීමේදී පවතින පෙණ පිඩු මෙන් ද වේ. සත්යය වනාහි ඉන් ජලය පානයට ගන්නා පිරිසිදු ජලය හා සමානය. එමගින් පළතුරු පළා හා පඳුරු වර්ග හට ගන්වයි. එමෙන්ම උණු කර දිය කිරීමෙන් පසු ඉතිරි වන දෑට සමානය. එමගින් මිනිසුන් ප්රයෝජන ලබති. මෙම උපමා දෙක අල්ලාහ් ගෙන හැර පෑමෙන් පසුව සත්ය හා අසත්යයෙන් වෙන් කර පැහැදිලි කර ගනු පිණිස තවත් උපමාවන් මෙසේ ගෙනහැර දක්වයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න