සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:16
قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُمْ مِنْ دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ
අහස්හි හා මහපොළොවේ හිමිපාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ්ගෙන් තොර ව තමන් වෙත කිසිදු ප්රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද ? එමෙන්ම අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.
තෆ්සීර්
"අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ප්රතික්ෂේපකයින්ගෙන්, ‘අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි කටයුතු පාලනය කරන පාලකයාණන් කවුරුන් දැ?’යි විමසනු. අහෝ දූතය! ‘ඒ දෙකෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි පාලකයාණන් අල්ලාහ්ය. ඒ බව නුඹලා පිළිගනිමින් සිටින්නෙහුය.’ යැයි පවසනු. අහෝ දූතය! තවදුරටත් ඔවුන්ගෙන්, ‘අල්ලාහ් හැර කිසිදු හැකියාවක් නැති භාරකරුවන් නුඹලා වෙනුවෙන් ගත්තෙහු ද? ඔවුන් ඔවුනටම පවා සෙතක් සලසා ගත නොහැකි, ඔවුනට අත් වන හිංසාවන් ඉවත් කර ගත නොහැකි තත්ත්වයක සිටියදී ඔවුන් හැර වෙනත් අය කෙරෙහි එසේ සිදු කිරීම කෙසේනම් හැකි වන්නේද?!’ යැයි විමසනු. අහෝ දූතය! ‘පෙනුම නැති වූ අන්ධභාවයේ පෙළෙන දේව ප්රතික්ෂේපකයා හා යහමග ලැබූ දැක්මක් ඇති දේව විශ්වාසියා සමාන වන්නේ ද? එසේ නැතිනම් අන්ධකාරයෙන් පිරුණු දේව ප්රතික්ෂේපය හා ආලෝකයෙන් පිරුණු දේව විශ්වාසය සමාන වන්නේද? එසේ නැතහොත් මැවීමෙහිදී ශුද්ධවන්ත අල්ලාහ්ට හවුල් කරුවන් එකතු කරමින් අල්ලාහ්ගේ මැවීම් හා සමාන දෑ මවා අල්ලාහ්ගේ මැවීම් ඔවුන්ගේ හවුල්කරුවන්ගේ මැවීම් සමග මිශ්ර වී ඇත්තේ ද?’ යැයි විමසනු. අහෝ දූතය! ‘සියලු දෑහි මැවුම්කරුවාණන් අල්ලාහ් පමණය. මැවීම් හි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. දේවත්වයෙන් ඔහු ඛේවලය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහු සියල්ල අබිබවා යන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න