සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:15
وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ ۩
අහස්හි හා මහපොළොවේ ඇති දෑ කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද අල්ලාහ්ටම සුජූද් කරති. ඔවුන්ගේ හෙවණැලි ද උදේ හා හවස (සුජූද් කරති.)
තෆ්සීර්
අහස්හි හා මහපොළොවේ සිටින සියලු දෙනා අල්ලාහ්ට පමණක් සිරස නමා යටහත් වෙයි. එහිදී දේව විශ්වාස කරන්නා හා දේව ප්රතික්ෂේපකයා එක සමානය. නමුත් දේව විශ්වාසියා ඔහුට අවනත වන අතර ම කැමැත්තෙන්ම ඔහුට සිරස නමයි. නමුත් දේව ප්රතික්ෂේපකයා වනාහි ඔහුට යටත් වනුයේ අකමැත්තෙනි. නමුත් ඔහුගේ ස්වභාවය සහජයෙන් ඔහුට අවනත වීම වෙත නැඹුරු වෙයි. දහවල් ආරම්භයේ පටන් එහි අවසානය දක්වාම පවතින සියලු මැවීම්හි හෙවණැලි පවා ඔහුට යටහත් වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න