සූරා 12 · ජුස් 13

Yusuf · 12:97

قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ

අපගේ පියාණනි, අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමාගේ දරුවන් යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට තමන් සිදු කළ දෑට එතුමාගෙන් සමාව අයැද සිටිමින්, "අහෝ අපගේ පියාණනි! අපගේ පෙර පව්වලට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්න. යූසුෆ්ට හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට සිදු කළ දෑහි අපි නපුරු පාපතරයින් වූයෙමු" යැයි පවසා සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න