සූරා 12 · ජුස් 13
Yusuf · 12:96
فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු බැල්මැත්තෙකු ලෙස නැවත පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය.
තෆ්සීර්
යඃකූබ් සතුටට පත් කරවන ශුභාරංචිය ගෙන ආ පුද්ගලයා පැමිණි කල්හි යූසුෆ්ගේ කමිසය ඔහුගේ මුහුණ මත දැමීය. එවිට ඔහුට පෙනුම ලැබිණ. ඒ අවස්ථාවේ ඔහු තම දරුවන් අමතා, “නුඹලා නොදැන සිටි අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය පිළිබඳ සැබැවින්ම මා දන්නා බව මම නුඹලාට නොපැවසුවෙම්දැ?"යි විමසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න