සූරා 12 · ජුස් 12

Yusuf · 12:9

اقْتُلُوا يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِنْ بَعْدِهِ قَوْمًا صَالِحِينَ

නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස යම් භූමි භාගයක ඔහු ව විසි කර දමනු. ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.

තෆ්සීර්

"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න