සූරා 12 · ජුස් 12
Yusuf · 12:8
إِذْ قَالُوا لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُبِينٍ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
ඔහුගේ සහෝදරයින් ඔවුන් අතර කතා කර ගන්නා අවස්ථාවේ, "අපි නියමිත සංඛ්යාවකින් යුත් කණ්ඩායමක් ලෙස සිටියදී, අපගේ පියාණන්ට යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයා අපට වඩා ප්රිය මනාප වී ඇත. අපට වඩා ඔවුන් දෙදෙනා උසස් වනුයේ කෙසේද? අපට මතුපිටින් පෙනෙන කිසිදු සාධකයක් නොමැති ව අපට වඩා ඔවුන් දෙදෙනා ඔහු උසස් ලෙස සලකන අවස්ථාවේ සැබැවින්ම ඔහු පැහැදිලි වරදක සිටිනු අපි දකින්නෙමු." යැයි කීහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න