සූරා 12 · ජුස් 12
Yusuf · 12:10
قَالَ قَائِلٌ مِنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِنْ كُنْتُمْ فَاعِلِينَ
ඔවුන් අතුරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමනු. තවද නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත.
තෆ්සීර්
සහෝදරයින් අතරින් කෙනෙකු, "නුඹලා ඔහු ගැන පවසන දෑහි තිරසාර ලෙස සිටින්නෙහු නම්, නුඹලා යූසුෆ් ව ඝාතනය නොකරනු. ඒ වෙනුවට ඔහු ව ළිං පතුලකට විසි කරනු. එවිට ඒ අසළින් ගමන් කරන මගීන් කිසිවෙකු හෝ ඔහු රැගෙන යනු ඇත. මෙය ඔහු ව ඝාතනය කිරීමට වඩා අවම හිංසනයකි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න