සූරා 12 · ජුස් 12

Yusuf · 12:11

قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ

අහෝ පියතුමනි, යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අප ව විශ්වාස නොකර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන්ම අපි ඔහුට (යහපත සලසා) ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔහු ව දුරස් කිරීමට ඔවුහු එකඟ වූ කල්හි, ඔවුහු ඔවුන්ගේ පියාණන් යඃකූබ්ට, "අහෝ අපගේ පියාණනි! යූසුෆ් ආරක්ෂා කරන්නන් ලෙස ඔබ අප පත් නොකරන්නට ඔබට කුමක් වී ද? සැබැවින්ම අපි ඔහුට සෙනෙහස දක්වමු. ඔහුට හානි කරන දෑ ගැන අවධානයෙන් සිටිමු. ඔහු නැවත ඔබ වෙත සුරක්ෂිත ව පැමිණෙන තෙක් ආරක්ෂාවෙන් හා අවදානයෙන් සිටිනු පිණිස අපි ඔහුට උපදෙස් දෙන්නෙමු. මෙසේ තිබියදීත් ඔහු අප සමග එවීමෙන් ඔබ ව වළක්වාලීයේ කුමක් ද?" යැයි පැවසුහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න