සූරා 12 · ජුස් 13
Yusuf · 12:87
يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
අහෝ මාගේ දරුවනි, නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති.
තෆ්සීර්
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න